Tuesday, May 7, 2019

සතුරන්ගෙන් රට බේරාගත් සිංහලේ සෙන්පතිනිය

කතෘ:මානෑවේ විමලරතන හිමි

මහානාම රජතුමාගේ අවසාන කාල පරිච්ඡේදයයේ (ක්‍රි. ව. 477) කඩින් කඩ ඇති වූ සතුරු ආක්‍රමණ නිසා රාජ්‍ය පාලනයෙහි අවුල් වියවුල් තත්ත්වයක්‌ ඇතිවිය. මේ වන විටත් වියපත්ව සිටි රජතුමා උපක්‍රමශීලීව රාජ්‍ය අතහැර දමා තලනගර හෙවත් තලාවට ආසන්න නීලගිරි ග්‍රාමය ඇසුරු කරගෙන එහි සිටි ජයේන්ද්‍රරක්‌ඛ සෙන්පතියාගේ උදව් ඇතිව සේනාව සංවිධානය කළහ. සුරක්‍ෂිත ස්‌ථානයක්‌ වූ නීලගිරියෙහි තම මාලිගාව සාදාගත් රජතුමා නිරන්තර මුරසේවාවක්‌ද පවත්වාගෙන ගියහ. එවකට නීලගිරි අරමෙහි වැඩ විසූ නඛාධම්ම හිමියන් ඇසුරු කළ රජතුමා උන්වහන්සේගෙන් ලද අවවාද මහඟු කොට සැලකූහ. රජතුමා නීලගිරියෙහි (මානෑකන්ද) සැඟව සිටි බව වරිග පූර්ණිකා පත් ඉරුවක සඳහන් වන්නේ මෙසේය.

මිණිමිහි දේශාධිපති සිරිමාබෝපුර විකුම් පෑ ජීවක වෙදැදුරු සෙයින් වෙද සිප පරතෙර මහාකාරුණික වූ සූර්යවංශාම්භර බුද්ධදාස නරේන්ද්‍රයාට අතිජාත වී උපන් පුත්‍ර රත්නය මහානාම නරපසඳු සෙවිය දරාවූ කල (කිsරුළ දැරූ කල) රුපුන් ඊ වැදි එදවස රුපුන් නසන්නට උප්පර වැට්‌ටි කළ වැද නීලගිරි පර්වතයෙහි සැඟවී ගත.

නීලගිරි ග්‍රාමයට (මානෑව) නැගෙන හිරින් පිහිටි නීලගිරි පර්වතයේ බටහිර බෑවුමේ තුරුලතාවලින් ගහනවූ මනහර පරිසරයක රජතුමාගේ මාලිsගාව පිහිටා තිබිණි. රජතුමා හා පැමිණි අග්‍රමහේෂිකාවෝද අන්තඃපුර ස්‌ත්‍රීහුද අමාත්‍ය මඬුල්ලද සේවා බන්ධරයෝද වන අසිරිය විඳිමින් මෙහි විසූහ. නිරන්තර තෙරුවන් සරණ පැතූ රජතුමා නීලගිරි සෙනසුනේ වැඩහුන් භික්‍ෂූන්ට දනින් පැනින් සංග්‍රහ කළ අතර නීලගිරි ශිඛරය මත හිඳ සිරිමාබෝ පුර වැඩහුන් ජයසිරි මහා බෝධියද මහා ෙච්තියද වන්දනා කළහ. දිනක්‌ හිරු නැගී සිව් හෝරා ගිය කල සැඟපිළි වූ (වෙස්‌වලාගෙන) වැව් තාවල සිට සිරි නරඹන රජුට රූමත් සිරිමෙඝා රත්නපාලි කුමරියව හමුවන්නේ අහම්බෙන් මෙනි. මේ හමුවීමෙන් රජතුමාගේ සිත තුළ මහත් කැලඹිල්ලක්‌ ඇති වේ.

දිනක්‌ රජතුමා හිරු නැගී සිව්හෝරා ගිය කල සැඟපිලිව (වෙස්‌වලා) නීලග්‍රාම වැව සිරි නරඹමින් සිටියේය. මේ අතර දියකෙළිමින් සිටි රූමත් කාන්තාවක්‌ රජුගේ නෙත ගැටිණි. ඇයව දුටු පළමු දිනයේම රජුට නෙත් අදහාගත නොහැකි විය. පළඳනා ගලට මුවාවී කුමරියගේ දිය කෙළිය නරඹමින් සිටි රජුට ඇයව පෙනුනේ දෙවඟනක්‌ ලෙසිනි. රන් රුවක්‌ සේ ශෝභනාරි වූ ඇය කෙරෙහි රජුගේ සිත බැඳීගියේය. මේ හමුවීමත් සමග රජතුමා දිනපතා නීලගිරි වැව් සිරි නරඹන්නේ ඇය දැක ගැනීමේ අටියෙනි. රජු කුමරියට සිතින් පෙම් බැන්දාය. ඇයගේ සිත් දිනාගැනීමට රජු කෙතෙක්‌ උත්සාහ කළද ඉන් පලක්‌ නොවීය. කුමරියගේ සිත තුළ කිසිදු හැඟීමක්‌ තමා කෙරෙහි ඇති නොවුණුq බව රජුට හැඟී ගියේය. කුමරියගේ යෙහෙළියන් හරහා ඒ කටයුත්ත ඉටුකර ගැනීමට උත්සාහ දැරීය. මේ අතර සේවිකාවන් කුමරිය රජුට මුණ ගැස්‌වීමට දැරූ උත්සාහයක්‌ පිළිබඳ ජනකාව්‍යයක මෙසේ සඳහන් වෙයි. මෙය නාට්‍යමය ස්‌වරූපයක්‌ උසුලයි.

නිල් කඳුරේ හිරු මිදුනේ – කදිර සදිප්පු වදින්න

නිල්ගිරි කුමරියේ වඩින්න – කදිර සදිප්පු වදින්න

දෑලිස්‌ පන්බඩ උදුරා – හිස්‌ වැස්‌මක්‌ සදාදෙන්න

කෙටෙල මලින් හිස සරසා – නිල් බඹරුන් පුබුදුවන්න

නිල් කඳුරේ මින් රළසේ – යෙහෙලිය සෙන්a පිරිවරාණ

නිල්ගිරි කුමරියේ – වඩින්න – කදිර සදිප්පු වදින්න

නිල්ගිරි කුමරියේ ඩින්න – කදිර සදිප්පු වඳින්න

ඔබේ රුවසඳ දුටු සඳ කොඳ

මල් හිනැහෙයි

කොඳවන වැද බඹරුන් කැල

රොනට ගුමු දෙතෙයි

හිරුතෙදවන් රුව දුටුසඳ

විහඟුන් නඳ තෙයි

නිල්දිය වැද දිය කෙළිsකෙල

කුමරිය නටතෙයි

නිල්ගිරි කුමරිය ලෙසින් හඳුන්වන මැය නීලගිරි ග්‍රාම වැසි ජයෙන්ද්‍ර රක්‌ඛ සෙන්පතිතුමාගේ එකම දියණියයි. නීලගිරි ආරාමයේ වැඩසිටින නඛාධම්ම හිමියන්ගේ එකම නැඟණියයි.

ඇය නමින් ශ්‍රී මේඝා රත්නපාලි කුමරියයි. ජයෙන්ද්‍ර රක්‌ඛ සෙන්පතිතුමා වැව් බැඳි රටේ යක්‍ෂ ගෝත්‍රික ජනතාවට නායකත්වය දුන් යක්‍ෂගෝත්‍රික නායකයෙකි. රත්නපාලි කුමරියගේ සිත් දිනාගැනීමට නොහැකි වූ කල රජතුමා සෘජුවම තම අදහස ඇයගේ පියාවන ජයනේද්‍ර රක්‌ඛ සෙන්පතිතුමාට ඉදිරිපත් කළේය. සංදේශයක්‌ මගින් සෙන්පති තුමාට අමාත්‍යවරයක්‌ද පිරිනැමීය. ඒ බව සඳහන් වන්නේ මෙසේය.

සැඟ පිළිවූ මහානාම රජ නීලගිරි වාපි සිරි බලන්නාහුය. ඊ කදිර සදිප්පුවැදි (දියනෑමෙහි නිරත) සිරිමේඝා රත්නපාලි කුමාරිකාවුන්ගේ රූප ශෝභාවෙන් ආල සිත් උපදවා ගති. ඊ පුවත් මහානාම රජු හසුන් පතේ ඇවැටිකර ජයෙන්ද්‍ර රක්‌ඛයන්ට අමාත්‍යවර ලබාදිනි. එපුවත් දැක සංචිවූ යක්‌ සෙන්පති උහු නන්දනිය (දියණිය) රජුට බන්ධන ගත කිරීමට පසන් වී (කැමති වී)

තනතුරක්‌ ලැබ තමන් රජුට සරණගත කිරීමට කැමැත්ත ප්‍රකාශ කළ පියා කෙරෙහි කුමරිය තම අප්‍රසාදය පළකළාය. හඬමින් යහන් ගත වූ කුමරිය පියාට එරෙහි විය නොහැකි නිසා සහ පියාගේ දැඩි ඇවටිල්ල නිසා රජුට කැමැත්ත ප්‍රකාශ කළාය. එයද සිදු වූයේ කොන්දේසි කීපයකට රජු නම්වා ගැනීමෙන් අනතුරුවය.

අඳොවමියේව (කනගාටුවෙන්) වැදහුන් සිරිමෙඝා රත්නපාලි කියාපතලුයේ මාගේ උතුම් වරිගය උදෙසා වරිග ෙච්තියද මහානීලගිරිවාපියද කරවීමට පසක්‌වීනම් නරපතිට මෙහෙසිය වෙම්හ.

ඇයගේ ඉල්ලීම පරිදි විෂකුම්භණ නම්වූ වරිග ෙච්තිය බැඳවී, ඊ නාමයෙන් විෂකුම්භණ ෙච්තියවී ජයසිරි මහා බෝමළුව වැඩහුන් භික්‍ෂූන් උදෙසා පිදී. ඊ සහල් සහසක්‌ වියත් ගිය කල හු අෂ්ටකයක්‌ දුර නීලගිරි වෙහෙර තනා තෙරසිප්හල තපෝ බිම කැර සිරිමා බෝ මළු භික්‍ෂුන්ට දිනි. සිරි රත්නපාලි මියුලැසිල්ලෙනි (ආදරබර ඉල්ලීමෙනි) ඊ කළ පත්වී නීලගිරි වාපි මහා පරිද්දෙන් බැඳ යක වරිගයට දිනි. රජුගේ වරිග බැඳි ක්‍රියාව දැක පසන්වූ සිරිරත්නපාලි උහු වෙත ආලය බැඳි.

මහානාම රජ විසින් ඉදිකරන ලද මේ තෙරසිප්හර (තෙරසිප්හල) පසු කලෙක හැඳින්වූයේ මානාපවි පිරිවෙන නමිනි. මානා කන්දෙ නැගෙනහිර බෑවුමේ මේ මනහර අධ්‍යාපන ආයතනය පිහිටා තිබුණ බවට ශේෂව ඇති නටබුන්වලින් මොනවට පැහැදිලිය. මානාකන්දේ නීලගිරි ග්‍රාමයට ආසන්නව කළුගල නමින් හැඳින්වෙන උස්‌තැනිතලාවක විෂකුම්භණ චෛත්‍යයේ නටබුන් දැකගත හැකිය. මෙය මුලින් කුඩාවට තිබී මහානාම රජු විසින් විශාල කොට බඳින ලද චෛත්‍යයකි. අනුරාධපුර ඉපලෝගම ප්‍රාදේශීය ලෙකම් කොට්‌ඨාසයට අයත් මේ ශුද්ධ භූමිය වන්දනා කරුවන් විසින් දැක බලාගත යුතුවූ වටිනා සිද්ධස්‌ථානයකි.

රජුගේ මේ වරිග බැඳි ක්‍රියාව ගැනන ප්‍රසාදයට පත්වූ කුමරිය රජුකෙරෙහි සානුකම්පිත හැඟීමක්‌ ඇතිකර ගත්තාය. වරිග ෙච්තිය හා නීලගිරි වැව විශාලකොට බැඳීම නිසා ඇය රජුට ප්‍රසාදය පල කළාය. විවාහය සඳහාද කැමැත්ත පළැකළාය. රජ තුමාද එයින් මහත් සතුටට පත්වූහ. මහානාම රජු හා ශ්‍රී රත්නපාලි කුමරියගේ සරණ බන්ධනය සිදුවූයේ රවිශෛලාශ වංශයේ සිරිත් විරිත්වලට අනුවයි. නැකැත් බලා උඳුවප් පෝය ගුරුදින එළඹි සුබ මොහොතින් රජු කෙසරුවන් රාජකීය ඇඳුමකින්ද කුමාරිය ලා නිල් පැහැය ගත් ඇඳුමකින්ද සැරසී හිරු සඳු සංකේතවත් කළහ. රජු කුමරියගේ ගෙල උත්ත්‍රාචක්‍රවට මාලාභරණය පැළඳීමෙන් අනතුරුව සෘෂිවරුන් විසින් ආශිර්වාදකොට සරණබන්ධනය සිදුකරන ලදහ. උත්ත්‍රාචක්‍රවට මාලාභරණය ගිවිසුම් ආභරණයකි. මෙයින් පතිවෘතාව ඇතුළු ශීලප්‍රතිපදාව සුරැකීමට බැඳී සිටී. විවාහ උත්සවයකදී පිරිමියාගේ ඉඟ පළඳින චතුර්ථ ධ්‍යානාභරණයද ගිවිසුම් ආභරණයකි.

විවාහයෙන් පසු දෙදෙනාටම සතුටින් සිටිය හැකි වුණේ ඉතාමත් කෙටි කාලයක්‌ පමණි. රටේ නොසන්සුන් තත්ත්වය එන්න එන්නම නරක අතට හැරෙමින් තිබිණි. රජුද රෝගාතුරව සිටියේය. සතුරාගේ පීඩනය තදින් දැනෙන විට රත්නපාලි බිසව රජුගේ අඩුව සම්පූර්ණ කිරීමට තදින්ම අධිෂ්ඨාන කරගත්තාය. ඇයද පරපුරේ අන් අය සේම සටන්ක්‍රම ප්‍රගුණ කළ තැනැත්තියකි. අවාසනාවකට මෙන් තම පියාගේ අභාවය සිදුවූයේද මේ අවස්‌ථාවේදීය. පියාගේ අභාවයෙන් පසු පුරප්පාඩු වූ වැව් බැඳි රටේ රවි ශෛලාශ වංශයේ වගකීමද පැවරුනේ රත්නපාලි බිසවටයි. කාර්යබහුල වූ ඇය රටේ නොසන්සුන් තත්ත්වය මැඬපැවැත්වීමටද සතුරු ආක්‍රමණවලින් ප්‍රදේශය ආරක්‍ෂා කර ගැනීමටද කාලය කැප කළාය.

ඇතැම්විට ඇය ප්‍රදේශය පාලනය කිරීමේදී දරුණු ප්‍රතිපත්තියක්‌ අනුගමනය කළාය. මේ නිසාම ඇය කෲර කාන්තාවක්‌ ලෙසද ඇතැමුන් හැඳින්වූහ. ඇතැම් අවස්‌ථාවලදී ඇය තෙරසිප්හලේ (මානා පව් පිරිවෙනේ) පරිවේනාධිපති නඛාධම්ම හිමියන්ගේ උදහසටද ලක්‌වූවාය. එයට මුල් වූයේ ගණිකා වෘත්තියේ යෙදුන ධුමකි හා එයට අනුබල දුන් ධූමක මහ යන අඹුසැමි යුවළට මරණීය දණ්‌ඩනය නියම කිරීමයි. ධුමක මහ නම් තැනැත්තා උණුතෙලෙහි ලා ඝාතනය කළ අතර ධූමකිගේ ගෙලෙහි ගලක්‌ බැඳ කේවර අගාධයට (කිඹුලන් සිටින පොකුණකට) හෙළීය. මරණීය දණ්‌ඩනයෙහි ඇති අමානුෂිකත්වය ගැන දැනගත් නඛාධම්ම හිමිපාණෝ රත්නපාලි බිසවට දොස්‌ පැවරූහ. තමන් කළ අකටයුත්තේ තරම දැනගත් කුමරිය නඛාධම්ම හිමියන්ගෙන් සමාව ගත්තාය. මේ ප්‍රකාශනය සිත් ගන්නා සුලුය.

නඛා ධම්ම ආර්යන් වහන්ස

නුඹ වස්‌නා මාගේ සහලේ ඉන්ද්‍රරකයෑ

මා වස්‌නා නුඹ සහලේ නාමිලියෑ

යෙහෙත් මා බලපති නුඹ වහන්සේමැයෑ

සහලේ ඉන්ද්‍රරක ආර්යාණෙනි

මැ කරණුයෙන් අඩපාලි මාවත් තොර නොවෙම්වා

කියත කරත මේ විසල්හු සනුහරේ කරන කොටැවී

එව්මැ මා ඉලි විලිතය වී

යෙහෙන් නොවැඳ කිවිසි ධාරක හුයෝ

මා කරනුයේ නොබලත්යෑ නොගනිත්යෑ

ඉන්නේරු විඳිත්යෑ

නඛා ධම්ම ආර්යන්වහන්ස

නුඹ වන්නා මාගේ එක කුස උපන් සොහොයුරායි. මා වන්නා නුඹවහන්සේගේ එක මව් කුස උපන් නැඟණියයි

එසේ හෙයින් මාගේ ප්‍රධානියා නුඹ වහන්සේය

මාගේ සොයුරු හිමියෙණි

මට දොස්‌ නොකියන සේක්‌වා

කියන්නෙත් කරන්නෙත් වංශය නිසාමය

එහි පැවැත්මටයෑ

එය මාගේ වගකීමයි

එසේ නොකළහොත් මතු දරුවෝ

මා අවමානයට ලක්‌ කරනු නිසැකය

ඇය ඔත්තු බැලීම සඳහා පැමිණි සතුරන් කීපදෙනකුද ඉතා කෲර ලෙස ඝාතනය කළාය. එය කළේ මහානාම රජු ආරක්‍ෂා කර ගැනීමට දැඩි ස්‌වාමි භක්‌තියෙනි. බුදු දහමට පටහැනි වූ මේ ක්‍රියාවෙන් දැඩිසිත් වේදනාවට පත් රත්නපාලි බිසව නඛාධම්ම හිමියන් ඉදිරියේ වැඳ වැටී මෙසේද ප්‍රකාශ කළාය.

යෙහෙයින් පුටබාවෝ (වැරදි කරුවෝ)

බුදුන් කරා අඩංගු මිඩංගු නොහීගත

දෙව් කරා අඩංගු මිඩංගු නොහීගත

රජුට අඩංගු මිඩංගු නොහීගත

වරිගයට අඩංගු මිඩංගු නොහීගත

උඩු ඝෝරය අනුකරණ කොටැ

මාරු ආයේව දුරුහන් කරතයෑ

වරදකරුවන්ට මරණීය දණ්‌ඩනය වංශික ප්‍රභූමංඩලය අනුමත කළද නඛාධම්ම හිමියන් ප්‍රකාශ කළෙ සාහසියකුට වුවද අභයදානය පිරිනමා පුනරුත්ථාපනය කළ යුතු බවයි. එහෙත් සතුරන්ට මරණීය දණ්‌ඩනය පැනවීම සාධාරණ ක්‍රියාවක්‌ බව මහානාම රජතුමාද පිළිගත්හ. ශ්‍රී රත්නපාලි බිසව ගැබ්ගෙන ටික කලකට පසු රජතුමාගේ අභාවය සිදුවිය. එතුමා මිය ගියේ කලක සිට තිබුණ රෝගය උත්සන්න විමෙනි. මේ ෙ€දනීය අවස්‌ථාවේ සතුරන්ගේ පීඩනයද රටවැසියනට තදින්ම දැනී තිබිණි. මේ වන විටත් පරසතුරෝ ශ්‍රී මහා බෝපුර විනාශකොට දඹුළුදේශය කරා ළඟාවෙමින් සිටියහ. නීලගිරි බල ප්‍රදේශයට අයත් ලලාට දේශය (පුත්තලම් ප්‍රදේශය) ගිරිදේශයද (ගිරිබාව ගල්ගමුව) ඔවුන් විසින් ගිනිබත් කරන ලදී. ආරක්‍ෂක සංවිධානවල දුර්වලකම මෙයට බෙහෙවින් බලපෑවේය. සතුරන් පරාජය කොට නිදහස්‌ කර ගැනීමට ශ්‍රී රත්නපාලිය අධිෂ්ඨානයකින් යුතුව කටයුතු කළාය.

සතුරන්ගෙන්

මහානාම රජුගේ ආදාහන කටයුතු නිම කළ ඇය තම දේශය බේරා ගැනීමේ සටනට සෘජුවම නායකත්වය දුන්නේ අභීත සෙන්පතිනියක ලෙසිනි. දඹුලු දේශය විනාශ කළ උර්දුලාන් නීලවේලුදුගේ සේනාව නීලගිරියද වට කළේ මහානාම රජු ඝාතනය කිරීමේ අදහසිනි. රත්නපාලිය නීලගිරි ග්‍රාමයේ වයොවෘද්ධ අය සහ ගැබිනි මවුවරුන් ස්‌වභාවිකව ගලින් වටවූ කඳවුරකට

රැස්‌කරවා ඔවුන්ට

රැකවරණයදී තම සේනාව බිම්ගෙවල් (ගලිස්‌ස) පොලෝයට මාර්ග (භූවස්‌ලුත) ජලස්‌ථාන (කුටා අකේවුරුත මේ මුහුදු හමුදාවකි) ආදී තැන්වල ස්‌ථාන ගත කළාය. උර්දුලාන් නීලවේලුදුගේ සේනාවේ එකින් එකා මැරී වැටුනේ මේ යුද උපාය නිසාය. මේ වන විටත් සතුරු හමුදාව වට කොට ඇති බව ඔවුන් නොදත්තේය. සතුරාට ගැලවී පලායා නොහැකිය. සතුරු නායකයා අසරණවී සිටි සිංහල හමුදාවේ නායකත්වය දරන්නේ කාන්තාවක්‌ බව දැනගත් උර්දුලාන් නීලවේලුදු ඇය වසඟයට ගැනීමට උත්සාහ දැරීය. මෙහි ප්‍රතිඵලය වුණේ ස්‌වර්ණපාලි බිසව සතුරු නායකයාට ද්වන්ද සටනකට ආරාධනා කිරීමය.

ජයසිරි මහබෝ පුර රංගිරි දඹුළු දේශය ගිරිදේශය ලලාට දේශය (ගිරිබාව හා පුත්තලම් ප්‍රදේශ) දෙවනත් කැර දමිළ රුපුන් ආයේ භිsස්‌නා වැදිගත (පීඩාවට පත්විය) මහානාම රජු බිසෝවර හා පිරිවරා නීලගිරි ග්‍රාම හැරපී. ඊ කල එරජු පරලෝකප්‍රාප්ත වැදගත්. උහු නිසා ගැබ් පත්වූ සිරි රත්නපාලි බිසව් රකුන් පිරිවරා විත් නීලගිරි ග්‍රාම වැදහුන් රුපුන්ට බැටදිනි. පරදෙස්‌පති කම්මර දැරී.

දරුණු ලෙස සටන් පැවැති අවදියේ නීලගිරි මහාපව් පිරිවෙනේ ඉතාමත් වටිනා පුස්‌තකාලයක්‌ වන මුණමුර පුස්‌තක ලෙනටද සතුරා විසින් ගිනි තබන ලදී. නෙරසිප්හලට (මානපව්පිරිවෙනට) හා පුස්‌තක ලෙනට සතුරන් හානි පැමිණවූ බව දැනගත් ශ්‍රී රත්නපාලි බිසව සතුරා කෙරෙහි දැඩි ලෙස උරණවී සියලුම හතුරන් වටකොට මරා දැම්මාය. අවසානයේ සතුරු නායකයාද මරා දැමීමේ තම වීරත්වය මුළු දේශයටම පෙන්වා දෙමිනි. ද්වන්ද සටනේදී රත්නපාලි බිසව ධ්‍යානලෙන්ගිර මත සිට එවන ලද හෙල්ල පහරින් සතුරු නායකයා අසාධ්‍යතත්ත්වයට පත්විය. අසාධ්‍ය තත්ත්වයෙන් සිටි සතුරු නායක උර්දුලාන් නීලවේලුදු පැන් පානය සඳහා ළඟ ඇති පොකුණට බසින විට එයට වැටී මිය ගියේය. එම සිදුවීම සඳහන් කොට ඇත්තේ මෙසේය. “උත්ත්‍රාචක්‍ර වට සප්තශීලධාරී සිරිමේඝා රත්නපාලි උහුවෙත උරණව ධ්‍යානලෙණ්‌ගිර මත හිඳ නීලවේලුදු කරා හෙල්ල පහර දිනි පරදෙස්‌සා නැසී. මෙය ධ්‍යානලෙන වශයෙන් හඳුන්වා ඇත්තේ මෙහි කුඩාවට සාදන ලද ලෙන් දෙකක්‌ තිබීම නිසාය. ගල්කුල අඩි තිහක්‌ පමණ උසය. ගල්කුලට පසෙකින් ගල් අතුරා එයට නැගීම සඳහා තාවකාලික පඩිපෙලක්‌ සාදා ඇත. අද මේ ස්‌ථානය හඳුන්වන්නේ වසාඹුගල්කන්ද නමිනි. එකල මේ ස්‌ථානය මෙහෙණි ආරාමයක්‌ වශයෙන් තිබී ඇත. මානෑව වැව් තාවුල පිහිටි මේ වටිනා ස්‌ථානය ආරක්‍ෂා කිරීම රටේ කාගෙත් යුතුකමකි.

සතුරා විසින් විනාශ කළ මුණමුර පුස්‌තක ලෙණ ඉතාමත් වටිනා ග්‍රන්ථවලින් සපිරි එකකි. මුණමුර සෘෂිවරයාගේ වෛද්‍ය ග්‍රන්ථ ඇතුළුව ත්‍රිපිටකය සහ අටුවා ග්‍රන්ථද මෙහි සුරක්‍ෂිතව පැවතිනි, ගිනි ජාලාවක්‌ වූ මේ පුස්‌තකාල ලෙනෙන් ග්‍රන්ථ කීපයක්‌ පමණක්‌ බේරා ගත්හ. ගිනිජාලාවට මැදිවූ පුස්‌තකාලයාධිපති හිමිනමද ගින්නෙන් දැවී අපවත් වූහ. පුස්‌තක දැවෙන හැටි දැක දරාගත නොහැකිව මේ හිමිනම ගින්නට පැන දිවිහානිකර ගත් බව ඇතැමෙක්‌ පවසති. මෙය රවිශෛලාශ වංශයේ සියලු දෙනාගේ සිත් කම්පනයට පත් කළ සිදුවීමකි. මේ බව යක්‌ඩ ඉලෝතිලෝව හෙවත් යකුන්ගේ විලාපය නම් ප්‍රකාශනයෙහි මෙසේ සඳහන් වෙයි.

ඉලව අවුචි ශුචිවිස ආනමා මේධාර ඉලෝතිලෝ කිකි ආඩිස සිරිබුදස්‌ වයිසුරුක සිරිමහනා භද්‍රසිළුන තමිමි ආඩිසාල සිරිමහනා රුචිරිකා රක්‌ඛ මෙධානි සිරිමේඝා රත්නපාලි සේමිණි ඉJද්‍රරකො කුන්ඩව පුටුභාෂ පචෝල අරොව කහලියේ මැ මුණමුර සලඹ කාවට්‌ටා පුලි රෞලිගු කමිමෝතු හිමැ මන්ඨ කම්භාෂා සුටා යාදි බැදිග ඉලෝනිලෝයෑ. හරිත ඉලෝනිලෝයෑ. විසාරිත ඉලෝනිලෝයෑ. පුට බාහුත මේරියෂ මාගාලාෂා වරුනේ සාවිපෝදේ.

මාගේ දරුවනි (ඉලව අවුචිල) මෙය අතිමහත් දුකකි. (ශුවිධිවිෂ ආනමා) අපි වැළපෙමු (මේඛාර ඉලෝතිලෝ) බුද්ධදාස රජුගේ (ආඩිස යනු රජ යන අර්ථයයි) ඔටුන්න හිමි (භද්‍ර සිළුන) පුත්‍ර සිරිමහානාම රජුගේ මෙහෙෂිය (රුචිරිකා) සිරිමේඝා රත්නපාලි දේවිය පරසතුරාගේ සටන මැඬපැවැත්වීය. සතුරා විසින් ගිනි තබන ලද පොත්ගුල (සලබ කාවට්‌ටා) ගින්නෙන් විනාශවිය. මුණුමුර ග්‍රන්ථ විනාශවීම වේදනාවකි. පරපුරේ විනාශයකි. පරපුරට සොභාදහමේ දැනුම අහිමිවීමේ පෙර ලකුණකි. මුණමුර පුස්‌තක ලෙන විනාශවීමේ ශෝකයක්‌ ඇත. ශෝකයක්‌ ඇත. ශෝකයක්‌ ඇත.

නීලගිරි ග්‍රාමයට (මානෑව ගමට) කරන ලද සංහාරයේ තරම කොතෙක්‌ද කිවහොත් මෙයින් කම්පනයට පත් සත්නානාගිරි (රිටිගල) වනවාසී උපනායක මහිෂ මාලනම් වැදි රජු තම සේනාංකය ගෙන නීලගිරියට පැමිණියේය. වායිම්මුද සෙලගියාන මන්ඨක ආඬිසිසිකාර කෙවෙනි මහිෂමාල බුරුත හැත උරුත්තාපෝට කුදං බවේය. රවිශෛලාශ වංශිකයන් එය සටහන් කර තිබූ අයුරුයි මේ. පර සතුරා මුළුමනින්ම පරාජය කොට තවදුරටත් ගෝත්‍රිකයන්ගේ අභිමානය

රැකගත් රත්නමාලි බිසවට “උත්තමවීර” නම් නම්බු නාමයක්‌ පිරිනමන ලදී. නම්බුනාම ප්‍රකාශය මෙසේය.

රවිශෛලාශ සංහාර බලෝජ

සිරි ජයෙන්ද්‍ර මන්ඨක උවනී

නන්දනී සිරිමේඝා රත්නපාලි

බලෝජ සේමිණි භද්‍රමාන පත්තික්‌කයේමැ

රවිශෛලාශ වංශයේ අධිපතිනියවූ මහා සෙන්පතිනි ජයෙන්ද්‍ර රක්‌ඛයන්ගේ බාල දියණිය වූ රාජ මෙහෙසිය සිරිමේඝා රත්නපාලි දේවිය උත්තම වීර නාමයෙන් පුදමි.

මහානාම රජතුමා නීලගිරි ග්‍රාමයට කළ සේවාව සළකා ශ්‍රී රත්නපාලි බිසව නීලගිරි ග්‍රාමය මහානාම ග්‍රාමය (මානෑව) වශයෙන්ද සේවාවන් සැපයූ අයටද ගම්වර ලබා දුන්නාය.

“යස ශ්‍රීනිය සිරිමේඝා රත්නපාලි මහේෂිකාවුන් වහන්සේ හා සව්සිරින් වැජඹෙන්නේ එකල්හි රජ මෙහෙසියගේ බන්ධුවර්ගයා පිරිවරා වරිග සභා මණ්‌ඩපයේ වැඩහිඳ නීලගිරි ග්‍රාම මහානාම ග්‍රාම ලෙසින් අණකලෙවී රජුන්ට තේවාලු සේවා බන්ධරයන්ද උදෙසා ගම් කෙළඹුන් තනාදිනි. ඊ රාජ පරිවාර ග්‍රාමයෝ වෙත්.”

කුස තුළ සිටින දරුවා ආරක්‍ෂා කර ගැනීම සඳහා රත්නපාලි බිසව හබරණට ගියාය. එහිදී ස්‌වර්ණ සුබෝධි නම් පුතෙකු ප්‍රසූත කළාය. පුස්‌තක බේරා ගැනීම සඳහා මහත් වෙහෙසක්‌ දැරූ නඛාධම්ම හිමිපාණෝ පිළිස්‌සුම් තුවාල ඇතිව හිඳ අපවත්වී වදාළහ. ස්‌වර්ණපාලි බිසවගේ ඥාති සොහොයුරියක්‌ වන උත්තරාපාලි මෙහෙණින් වහන්සේද ගින්නෙන් දැවී ලෙන තුළම අපවත්වී වදාළහ. අද නිධන් හොරුන් විසින් විනාශ කරන ලද ජරාවාසවී ඇති මේ පුස්‌තක ලෙන සංවේග උපදවන ස්‌ථානයක්‌ බවට පත්වී තිබේ.

මානෑවේ විමලරතන හිමි

සිංහලේ අවාසනාවන්තම දිනය.

කතෘ: ලසන්ත වික්‍රමසිංහ


උඩරට ගිවිසුම අත්සන් කළ රදළ
ප්‍රධානීන් 11 දෙනාගේ අත්සන්
1815ක්‍රි. ව. 1796 දී ඉංග්‍රීසීහු ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ලන්දේසීන් වෙතින් ඩැහැ ගත්හ. ඉන් වසර දෙකකට පසුව එවක උඩරට රජු වූ රාජාධි රාජසිංහ රජු මිය ගි‍යේය. ශ්‍රී වික්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් ආරම්භ කර පැවති සම්ප්‍රදාය වූයේ සිය ඇවෑමෙන් පසුව බිසවගේ සහෝදරයාට කිරීටය හිමිවිය යුතුය යන්නයි. 17‍‍39 සිට පැවති එම සම්ප්‍රදාය අනුව රාජාධි රාජසිංහ රජු ඇවෑමෙන් පසුව සිහසුනෙහි උරුමකරු මුත්තුසාමි නම් කුමාරයෙකු විය. නමුත් රජ වූයේ මුත්තුසාමි නොව කන්නසාමිය. ඔහු රජුගේ දෙවන බිසවගේ සොහොයුරිකගේ පුතෙකි. ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ ඔහුට රජවීම සඳහා පිළිමතලාවේ මහ අදිකාරමගේ සහයෝගය ලැබුනි. මුත්තුසාමි කුමාරයා ඉංග්‍රීසීන් වෙත පළා ගියේය.

පිළිමතලාවේ සිතුවේ රජු සිය අභිමතය පරිදි නැටවිය හැකි බවය. නමුත් රදළ බලයට හිස ඔසවන්නට ඉඩ හැරියොත් එය තමාට අභියෝගයක් වෙතැයි සිතූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු රදළ බලය මැඬලීම සඳහ යම් යම් පියවර ගනු ලැබුවේය. පිළිමතලාවේ ඉන් කලකිරීමට පත්ව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සිහසුනෙන් නෙරපන්නට ඉංග්‍රීසීන්ගේ පිහිට පැතීය. ඉංග්‍රීසීන් එය තම වේලාව නොවන බව දැන සිටියහ. අනෙක් අතට වඩුග රජකු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පළවා හැර ඒ වෙනුවට සිංහලයකු වන පිළිමතලාව රජ කරවන්නට ඉංග්‍රීසීන්ට නොවූමනා බව පිළිමතලාවේ වටහා ගෙන සිටි බවක් පෙනෙන්නට නැත.

සිය අණසක තව දුරටත් ව්‍යාප්ත කරන ලෙස නෝත් ආණ්ඩුකාරයාට උපදෙස් ලැබෙන තෙක් ඔවුහු උඩරට රාජධානියේ දේශපාලනයට මැදිහත් නොවූහ. එලෙස උපදෙස් ලැබුනු විගස නෝත් ආණ්ඩුකාරයා පිළිමතලාවේ සමඟ රහස් සාකච්ඡා පැවැත්වීය. රජු නොමඟ යවා, ඔහු ප්‍රකෝප කොට, ඔහුගේ පාලනය අවුල් කර, උඩරට ජනතාව ඔහු කෙරෙන් බින්ඳුවා ඒ මතින් නිර්මාණය කර දෙන අවස්ථාව තුළ උඩරට දේශපාලනයට අත දැමීම එම සාකච්ඡාවන්හි අරමුණ විය. රජු එම උඟුලට පා තැබීය.තුන් දහසක සේනාවක් මෙහෙය වූ ජෙනරාල් මැක්ඩොවල් කොළඹ සිටද ලෙෆ්ටිනන්ට් ටාබට් ත්‍රිකුණාමලයේ සිට හත් සියයක පමණ බළගණයක්ද සමඟ පැමිණ 1803 පෙබරවාරි 20 වැනි දින නුවරට ඇතුළු විය. මාළිඟයටද ගිනිව තබා වටිනා දෑ ගෙන රජු සහ වැසියෝ පළා ගොස් තිබිනි. නුවර ජන ශුන්‍ය වී තිබුනි. ඉංග්‍රීසීන් වෙත පළා ගොස් සිටි රාජාධි රාජසිංහ රජුගේ බිසවගේ සොහොයුරා වන මුත්තුසාමිව ගෙන්වා ඉංග්‍රීසීන් විසින් උඩරට රජකරවනු ලැබීය. නමුත් ඔහුට රටවැසියන් නම් නොසිටියහ. සියළු දෙනා ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමඟ හඟුරන්කෙත පෙදෙසට පළා ගොස් තිබින.
රජු අල්ලා ගැනීම සඳහා සිංහල හමුදාවන්ගේ පහරදීම් මධ්‍යයේ හඟුරන්කෙත දක්වා ඉංග්‍රීසි භට පිරිස් ගමන් කළද රජු, ඇමති වරුන් සමඟ ඉන් පළා ගොස් සිටියහ.

කොළඹ සිට නුවරට සැපයුම් මාර්ග අවහිර වීමේ අභියෝගයකට මුහුණ දෙමින් සිටි ඉංග්‍රීසීහු පසුව පිළිමතලාවේ සමඟ ගිවිසුමකට එළැඹියහ.

සැඟවී සිටින රජු බ්‍රිතාන්‍ය සිරභාරයට ගැනීම, පිළිමතලාවේ මහ අදිකාරම නව රජු ලෙස පිළිගැනීම, මුත්තුසාමි ආපසු යාපනයට යෑවීම, නව රජු මුත්තුසාමිගේ නඩත්තුව ලෙස වසරකට රුපියල් 30,000 ක්‌ ගෙවීම, නුවර මැක්‌ඩෝවල් විසින් ඉදිකළ කොටුව හා අවට කලාපයත්, ත්‍රිකුණාමලයට පාර දමන බිම් පටියත් සත් කෝරලයත් ඉංග්‍රීසීන්ට දීම හා දෙපාර්ශ්වයම සන්නද්ධ ගැටුම් වහා නතර කිරීම යන කරුණු එම ගිවිසුමේ අඩංගු විය.

නමුත් ඉංග්‍රීසීහු ගිවිසුම් ප්‍රකාරව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අත්අඩංගුවට ගැනුමට කටයුතු නොකිරීම ඇතුළු ගිවිසුම් ප්‍රකාරව කටයුතු නොකළේය.

ඉන් කළකිරීමට පත් පිළිමතලාව මහ අදිකාරමගෙ අනුදැනුම ඇතිව සිංහල සේනාංක විසින් 1803 ජූනි 24 දින දරුණු සහ මනා සැළසුම් සහගත ප්‍රහාරයකින් නුවර රඳවා සිටි ඉංග්‍රීසීන්ගේ භට කණ්ඩායම ඝාතනය කළේය. පසුවදා, මුත්තුසාමි හා ඔහුගේ ඥාතීන් අට දෙනෙකුගේ හිස් ගසා දැමුනි. පිළිමතලාව මහ අදිකාරම විසින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යළි සිංහාසනාරූඩ කරවූයේය. රජ වන්නට බලාපොරොත්තුවෙන් සිටියද පිළිමතලාවේ ඒ අවස්ථාවේදී සිහසුන ඩැහැ ගන්නට කටයුතු නොකළේය.

නමුත් පිළිමතලාවේ මහ අදිකාරම රජුට එරෙහිව කුමන්ත්‍රණ කිරීම නතර කළේ නැත. දෙවරක්ම ඔහුගේ සැලසුම් රජුට සැළවූ නමුදු, රජු ඒ දෙවතාවේදීම ඔහුට සමාව දුනි. නමුත් තෙවන වර ඔහුට රජුගෙන් සමාවක් නොලැබුනු නිසා 1811 දී ඔහුට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු විය. පිළිමතලාවේගේ අනුප්‍රාප්තිකයා වන්නේ ඔහුගේ බෑණනුවන් වන ඇහැළේපොළය.

1814 දී හටගත් සඹරගමු කැරැල්ලට ඇහැළේපොළ හවුල් වී ඇති බව රජුට සැළවු‍යේය. තමා රජු විසින් නුවරට කැඳවු විට සිය ඉරණම වටහාගත් ඇහැළේපොළ ඉංග්‍රීසීන් වෙත පළා ගි‍යේය.

ඉංග්‍රීසීන්ගේ උදව් ඇතිව ඇහැළේපොළ උඩරට ආක්‍රමණයට සැරසෙන බව කීර්ති ශ්‍රී රාජසිංහ රජුට ආරංචි විය. එවක උඩරට පැවති නීතියට අනුව රජු විසින් ඇහැළේපොළ කුමාරිහාමි ඇතුළු දරුවන් මරණ දණ්ඩනයට ලක් කළේය. නීතියට අනුකූල වුවද එය රජු විසින් සිදු කළ දේශපාලන වරදක් ලෙස සැළකිය හැක්කේ එමඟින් රජු කෙරෙහි අප්‍රසාදයක් ජනතාව අතර වර්ධනය වන්නට ඇති නිසාය.

යුරෝපයේ නැපෝලියන්ගේ යුධ කලබල පැවති එසමයෙහි ලංකාවේ ආක්‍රමණයක් දියත් කිරීමට කටයුතු නොකළ බ්‍රිතාන්‍ය පාලකයෝ රජු හා උඩරට නායකයින් අතර බේද ඇති කරවීම සඳහා කුමන්ත්‍රණ දියත් කළේය. නැපෝලියන්ගේ බලය බිඳ වටුනු පසු ඉතිරි භූමි ප්‍රදේශ අත් කරගැනීමේ අරමුණින් විශාල හමුදාවක් එක්රැස් කළේය.

udarata givisuma1815 ජනවාරි 10 දා ඇහැළේපොළද කැටුව නුවර බලා ගමන් අරඹමින් ජෙනරාල් බ්‍රවුන්රිග් ආඥාවක් ප්‍රකාශයට පත් කළේය. ඉන් කියැවුනේ උඩරට ප්‍රධානීන්ගේ ඉල්ලීම සහ මහජන කැමැත්ත පරිදි බ්‍රිතාන්‍ය ආරක්ෂාව ලබා දීම සඳහා මෙම ආක්‍රමණය සිදු කරන බවකි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයන් විසින් ගෙතූ කෙබරයකි. අධිරාජ්‍යයවාදීන් අද මෙන්ම එදත් ස්වදේශික ජනතාව පිළිබඳ කරුණාවෙන් එම රටවල් ආක්‍රමණය කරන බව පවසා ඇති බව පැහැදිළිය. එදායින් වසර දෙසීයකට පමණ පසුව අධිරාජ්‍යයවාදීන් ඉරාකය ආක්‍රමණය කෙරුනේ ඉරාක ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදය උදා කරවන්නට බව පවසමිනි. ඉන් පසුව මැදපෙරදිග කලාපයට ඔවුනගේ හොස්ස පොවන්නේ ඒ රටවල ස්වදේශික ජනයා බේරා ගැනීමට බව පවසමිනි. ඔවුන් අනුන්ගේ මානව හිමිකම් පිලිබද උනන්දු වී ඇතතේ අද ඊයේ නොවන බව අප ඉතිහාසය ඇසුරෙන් තේරුම්ගත යුතුය.

උඩරට ගිවිසුම අත්සන් කිරීම දැක්වෙන ප්‍රකට සිතුවම
තත්වය බැරෑරුම් බව වටහාගත් රජු 1815 පෙබරවාරි මස දිනයකදී මහනුවර පල්ලැහැවත්ත ප්‍රදේශයට පැන ගොස් බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවිය. එක්නැලිගොඩ නිලමේ, දොළොස්වල මොහොට්ටාල, මහවලතැන්න මොහොට්ටාල යනාදී රදළ නායකයින් හා විශාල සිංහල සෙනඟක්ද සමඟ සෙංකඩගලට පැමිණි ජෙනරාල් බ්‍රවුන්රිග්, කර්නල් හාඩි අඑතුළු පිරිස 1815 පෙබරවාරි 18 දින සිංහලේ අවසන් රජු ජීවග්‍රයෙන් අල්ලා ගත්හ . රජුගේ යම් යම් අඩුපාඩු දැක ඊට කළකිරිනු සිංහල නායකයින් සහ තම ආත්ම කේන්ද්‍රීය ගැටළු නිසා රජු හා විරසක වූ සිංහල නායකයන් සමහරක්ද ඊට සහයෝගය දැක්වූ‍යේය. නමුත් තමන් ඒ ජීවග්‍රහයෙන් අල්ලා අධිරාජ්‍යවාදීන් අතට පත් කරන්නේ ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් රජවූ කන්නසාමි යයි ඔවහු ලඝු කොට සිතන්නට ඇත. ඒ සිංහලේ අවසන් රජු බවත් මින් මනත සිංහලයට යළි අපේ නිරිදෙකු නොලැබෙන තරමේ මහා පාවා දීමකට තමන් දායක වූ බවක් ඔවුනට මියෙන තෙක්ම අවබෝධ නොවන්නට ඇත. පටු සීමාව තුළ මනස මෙහෙය වූ ඔවුහූ තමන් රජුගේ අධර්මිෂ්ට පාලනය නිමා කරලීමට දායක වන්නන් ලෙස සුබවාදී ස්වයං අර්ථ කථනයක් සිය මනස අභ්‍යන්තරයෙන්ම සපයා ගන්නට ඇත. දේශපාලනයේදී පාලකයා යම් යම් වරද කළ පමණින් ඔහුට දඬුවම් දීමට යාමෙන් අධාර්මික කබලෙන් අධිරාජ්‍යවාදී ළිපට වැටෙන්නේ ජනතාවම බව වසර දෙසීයකට පසුවද අප උගෙන නැති බව පැහැදිලිය.මෙතැනදී රජුගේ මුහුණට කෙළ ගසා ගෙලින් ගෙන ඇද අවුත් සුද්දන්ගේ දෙපා ඉදිරියේ ඇද දැමූයේ සිංහල සිංහාසනය බව මේ ආවේගශීලී පරගැත්තෝ නො දැන සිටි බව දයාවංශ ජයකොඩි මහතා සිය ‘සිංහලේ ජාතික සටන්’ කෘතියෙහි සඳහන් කරයි.

අපගේ දිගු ඉතිහාසයේ වඩාත්ම අවාසනාවන්ත දිනය එළැඹුනේ හරියටම අදින් වසර දෙසීයකට පෙර එනම් 1815 මාර්තු 2 වන දාය. අධිරාජ්‍යවාදීන් අතට මුලු දිවයිනේම අණසක ලැබුනු අපකීර්තිමත් උඩරට ගිවිසුම අත්සන් තැබෙන්නේ එදාය. ආක්‍රමණයක් මඟින් 1803 දී නුවර බලය ඇල්ලූ ඉංග්‍රීසීනට මාස කිහිපයක් යනවිට ප්‍රතිප්‍රහාර එල්ල කොට සිංහලයන් යළි බලය ඇල්ලීමට සමත් වුවද 1815 දී ගිවිසුමකට අසුවූ සිංහලයනට ඒ බලය යළි ඇල්ලා ගත හැකි වූයේ නැත. එපමණක් නොව සුද්දන් පස්ස බලන්නේ අපගේ පාලකයන් කලු සුද්දන් බවට පරිවර්තනය කිරීමෙනි. ගිවිසුමෙන් වසර දෙසීයකට පසු අදත් අප සුද්දන්ගෙන් හා ඔවුන්ගේ මෙරට ඒජන්තයන් ලෙස දැන හා නොදැන ක්‍රියා කරන කළු සුද්දන්ගෙන්ද තවම නිදහස් වී නැත.