Thursday, May 7, 2015

පොසොන් භක්ති ගී 2015





පිටපත සහ කථනය : සුමේධ රත්නසේකර

ආවඩා ආයු-බෝ- වේවා !

සුභ සැන්දැවක් වේවා /බැතිබර රසික රසිකාවනි!

මා ඔබේ හිතවත්/සුමේධ රත්නසේකර.

වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම /ප්‍රථම වරට පවත්වන /පොසොන් බැති ගී ප්‍රසංගය /ආරම්භ කරන්නයි /අපි දැන් සුදානම් වන්නේ.

අපෙ දරු දැරියන් වෙනුවෙන් /පොසොන් දිනයේ /ඉතිහාසය පිළිබද /පොඩි හැදින්වීමක් මම කරන්නම්.

රාජ්‍ය අනුග්‍රහය සහිතව /බුද්ධ ධර්මය නිල වශයෙන් /ලක්දීපයට එන අවස්ථාව/ පොසොන් පෝය දිනක සිදුවුවත් /බුදුන් සහ උන්වහන්සේගේ ධර්මය ගැන/ ලක්වාසීන් මින්පෙර /නොදැන සිටියා යැයි සිතීමට බැහැ./

බුදුන් වහන්සේ /සතලිස් පස්වසරක් /තැනින් තැන සැරිසරමින් /තෙවරක් ලක්දීපයට වැඩම කල බව /ශාසණ ඉතිහාසයේ සඳහන් වෙනවා.

බුදුරජාණන් වහන්සේ /බුද්ධත්වයෙන් /නම මසකට පසු /පලමුවරට /ලක්දීපයට වඩින අවස්ථාවෙ /සිරසවත්ථු පුර /අගනුවර කොට සත්නාගිර /එනම් ගිරි හතක් ප්‍රදේශය/ කාලභද්‍ර හෙවත් මහා කාලසේන රජු /රජකල බවත් /මහගිරි හෙවත් /සමනල ගිර ආශ්‍රිත ප්‍රදේශය /මනිභද්‍ර රජුවිසින්/ පාලනය කල බවත් /වර්ග පූර්ණිකාවෙ සදහන් වෙනවා.

සිරිමේඝා රත්නපාලි කුමරියගේ /පාලන සමයේදී /නීලවේලුධු /සතුරු ආක්‍රමනිකයන් /මොනමුර පුස්ථක ලෙනට /ගිනි තබන අවස්ථාවේ /මොනමුර සෘෂි වරයා හෙවත්/ දසහස්ත රාජික/ සෙන්පතිතුමන් විසින් කරන ලද /පුස්ථක කීපයක් /නකාධම්ම ස්වාමීන් වහන්සෙ විසින්/ ගින්නට පැන බේරාගන්නවා./මෙම පුස්ථක අතර තිබූ /පංච රක්ඛාවලිය /නම් මූලාශ්‍ර පහ එකතු කර/ ශ්‍රී බොධිවංශ ස්වාමීන් වහන්සේ විසින් /පසුකලක/ මොනමුර පුස්ථක ලෙනෙහිදීම /වර්ග පූර්ණිකාව ලෙස රචනා කරනවා./ලක්දීපයෙ විසූ /යක්ෂ ගොත්‍රිකයන්ගේ /ඉතිහාසය පිලිබද ලියවුන/ /පැරණිතම මූලාශ්‍ර ග්‍රන්ථය වන /වර්ග පූර්ණිකාව /අද වන තුරු /මානෑ කන්ද /නායක ස්වාමීන් වහන්සේ සතුව පවතීනවා.

බුදුරජාණන් වහන්සේ /ලක්දීපයට වැඩම කිරීමෙන් පසුව /බුදුන්ට සමකාලීනව /ලක්දීපය පාලනය කල /ගිරිකාල මන්ථක හෙවත් මහා කාලසේන සහ/ ස්වර්ණපාලි යන අයගෙ මව වන/ කවිලාශපාලි/ බුදුන් වෙනුවෙන් /නොනිමෙන පහනක් දල්වා තිබෙනවා./එය ස්වග්ජේතිය හෙවත්/ ස්වජ්ජිත රූපය ලෙස /හදුනාගෙන තිබෙනවා./ උසින් අඩි හයක් පමණ වන /පහණ තබන මෙම ස්වජ්ජිත රූපය/ එච් සී බී බෙල් මහතා /1894 හදුනාගෙන /ඔහුගේ පර්යේෂණ නිබන්දනයට පවා/ ඇතුලත් කර තිබෙනවා. / ස්වර්ණපාලි හෙවත්/ මහාපාලි යනු /ඔබ අප දන්නා /විජයට මුණගැසුණු කුවේණියයි./බුදුන්ගෙ පරිනිර්වාණය කන වැකුන /මහාපාලි කුමරිය /එනම් කුවේණිය /ස්වග්ජේතියෙ ඇති පහන දෙස බලා ගෙන /සිල් සමාදන්ව ඉන්නා මොහොතක තමයි /විජය ඇතුලු පිරිස යක්ෂ ගොත්‍රිකයන්ට අසුවන්නේ./විජය විසින් මුලින්ම /ඝාතනය කරන්නෙ /ස්වර්ණපාලිගෙ පියාණන් වන /කාලභද්‍ර හෙවත් /මහාකාලසේන රජුයි./බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිටින/ මහාපාලි කුමරිය /එනම් කුවේණිය /ඔහුන් සිරකන්නට සිතුවා මිස /ඔවුන් නසන්නට සිතන්නෙ නැහැ.

කවිලාශපාලි හෙවත් රත්නාවලි / ගිරිදේශයේ/ එනම් ගිරිබාව ප්‍රදේශයේ/ ගිරිභද්‍රයාණන්ගේ බිරිඳ./ බුදුන්වහන්සේ රකුන්ගිරට /හෙවත් රිටිගලට වැඩම කළ අවස්‌ථාවේ /නීලගිරි නම් වූ ස්‌ථානයේදී/ දේශණාකල /විෂකුම්භණ නම් සූත්‍රය අසා/රහත් ඵලයට පත් /ලක්දීපයෙහි /පළමු වන මෙහෙණින් වහන්සේ නමයි. /ඇය විසින් පැලදි මුතුහරය සහ /විෂකුම්භණ සූත්‍රයට හේතු වු/ විෂකුම්භණ ශාකය /නිධන් කොට /විෂකුම්භණ චෛත්‍ය ඉදිකරනවා.

බුදුරජාණන් වහන්සේගෙ /කේශධාතු තැන්පත් කර ඉදිකරන ලද /මහියංගන චෛත්‍ය සහ විෂකුම්භණ චෛත්‍ය /බුදුරජාණන් වහන්සේට සමකාලිනව /ලක්බිම ඉදිකල චෛත්‍ය යන් වනවා./විජයාගමනින් පසු /අප ලක්බිමට පැමිනි /විදේශ සහ ස්වදේශ /ආක්‍රමන නිසා/ දේවානම්පියතිස්ස /රජසමය වන විට /බුදුදහමට ඇති නැඹුරැව දියවී යනවා./

ක්‍රි.පු. 3 වන ශතවර්ෂයේදී /භාරතයේ සිටිය /ශ්‍රේෂ්ඨ අධිරාජයා හෙවත් /චණ්ඩාශෝක අධිරාජයා /කාලිංග මහ යුද්ධයෙන් පසු /දැඩි කලකිරීමකට පත් වුනා. /බුද්ධ ධර්මය /අසූහාර දහසක්/ ධර්මස්කන්ධයන් ගෙන් යුක්තබව අසා /එපමණ ගනනක් ඒ ඒ නගරයන් හී /වෙහෙර විහාර කරවා/ ධර්ම අශෝක නම් වුනා./අභිෂේක්යෙන් සවන වසරේදී /තම පුත් /විසිවයස් මිහිඳු කුමරුන් සහ /අටලොස් වයස් වු සංඝමිත්තා දු කුමරිය/ පැවිදි කර /ශ්‍රී සද්ධර්මය ප්‍රචාරය පිණිස /ලෝකයෙහි නා නා දේශයනට/ ධර්ම දුතයන් වහන්සේලා /පිටත් කර යැවීමට තීරනය කරනවා./

කාශ්මීර ගන්ධාර දේශය හෙවත් /වර්තමාන කාශ්මීර පඣජාබ දේශයට /මජ්ඣන්තික ථෙරනුවනුත්

මහිංසක මණ්ඩලය හෙවත් /වර්තමාන මයිසූර් දේශයට /මහදේව ථෙරනුවනුත්

වනවාසිය හෙවත් /වර්තමාන උතුරුකනාර් දේශයට /රක්ඛිත ථෙරනුවනුත්

අපරන්තකය හෙවත් /වර්තමාන සොපාරා දේශයට /යොනක ධම්මරක්ඛිත ථෙරනුවනුත්

මහාරට්ඨය හෙවත් /වර්තමාන මරාට් දේශයට /මහාධම්මරක්ඛිත ථෙරනුවනුත්

යොනකරට්ඨ හෙවත් /වර්තමාන ග්‍රීක දේශයට /මහාරක්ඛිත ථෙරනුවනුත්

හිමවත් හෙවත් /වර්තමාන නේපාල දේශයට /මජ්ඣම ථෙරනුවනුත්

සුවණ්ණභූමී හෙවත් /වර්තමාන බුරුම දේශයට /සොනක සහ උත්තර ථෙරනුවන්වත් පිටත් කරනවා./

එදා තම්බපණ්ණීදීපය නම් වර්තමාන අප ලක්දීපයට,/අශෝක අධිරජුන් ගේ /පුතුන්ව පැවිදි දිවියට පත් /මහින්ද ථෙරනුවනුත්, /ඉට්ඨිය,/උත්තිය,/සම්බල,/භද්ද්සාලථෙරනුවනුත් සමග/ උපසම්පදාව පතමින් /මහින්ද ථෙරනුවන්වන්ගේ /සොහොයුරිය වන /සංඝමිත්තා කුමරියගේ පුත් /සුමණ සාමණේරයන් සහ /මහින්ද ථෙරනුවන්වන්ගේ /ඥාති සොහොයුරියකගේ පුතකු වන/ භණ්ඩුක උපාසකයන් ඇතුලු පිරිසක් /බුදුරජුන්ගේ පරිණිර්වානයෙන් /වසර 236 කට පසුව /පොසොන් පොහෝ දිනක /සිය ධර්ම දුත කාර්යය සඳහා ලක්දිවට පැමිනියා./

ඒ උතුම් වු තිලෝගුරු /සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ /උතුම් වූ සද්ධර්මය /රාජ්‍ය අනුග්‍රහය සහිතව /නිලවශයෙන් ලක්දිවට දායාද වු දිනය ලෙස /පොසොන් පුර පෝය සිහිපත් කිරීමයි /අප අද මේ ඉටු කරන්නේ.

වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම /ප්‍රථම වරට පවත්වන /පොසොන් බැති ගී ප්‍රසංගය /සංවිධානය කිරීමේදී /අපිට නැතිවම බැරි පිරිස ගැනයි /දැන් මා කථා කරන්න යන්නේ,

ඒ තමයි මේ අපේ වාද්‍ය වෘන්දය

මේ අය පිළිබද වචනයකින් දෙකකින් අගය කරන්න බෑ./ඔවුන්ගේ කැපකිරීම නොමැතිව /අද මේ ප්‍රසංගය සාර්ථක වන්නේ නෑ.

කාලය සමග අපිට සටන් කරන්න බැරි නිසා /අපි දැන් ඔවුන්ව හදුනාගනිමු.

මුලින්ම තාල වාදනයෙන් /කපිල චන්ද්‍රරත්න

සර්පිනා වාදනයෙන් /වෛද්‍යචාර්ය බිනර ජයසිංහ

රිදම් ගිටාර් වාදනයෙන්/

සාමන්ත තැන්නගේ

ජගත් බෝපේආරච්චි

මෙහි නොමැති සංගීත ශිල්පියකු ගැනත් වචනයක් කියන්න ඕනෙ

ඔහු තමයි ශල්‍යවෛද්‍ය ශිරාන් විජයරත්න/පුහුනුවීම් කටයුතු වලදී ඔහු දුන් /සහයෝගය මිලකල නොහැකියි.

ස්තූතියි ශිරාන්!!!

01 – අමා දහර

කලාව ආනන්දයෙන් ඇරඹී /ප්‍රඥාවෙන් අවසන්විය යුතුයි කියල මතයක් තිබෙනවා. /සෑම කලාකෘතියකටම /මේ ඇරඹුම සහ අවසානය පොදු නොවෙන්න පුළුවන්./ ඒත් කලාව, ආනන්දය හා ප්‍රඥාව /අතර පරාසය තුළ හෝ තිබිය යුතුයි./

වික්ටර් රත්නායක කියන ගායකයා, /සංගීතඥයා සහ රසවතා යන /තෙවැදෑරුම් පුද්ගලයාගේ ගීත සහ නිර්මාණ ගැනත් /ඔහු ගැනත් /ඔහුගේ නිර්මාණ තුළින් /අපට දැකගන්න පුළුවන්. /වික්ටර් සංගීතවත් කළ ගීත ඔස්සේ /වික්ටර් කියන සංගීතඥයා අපට දැකගන්න පුළුවන්. /වික්ටර් ගායනා කළ ගීත ඔස්සේ /වික්ටර් රත්නායක කියන ගායකයා අපට දැකගන්න පුළුවන්. /වික්ටර් සංගීතවත් කිරීමට සහ ගායනා කිරීමට තෝරාගත් ගීත / ඒවාගේ පසුබිම විමසා බැලූ විට /වික්ටර් රත්නායක කියන රසවතා අපට දැකගන්න පුළුවන්./

ආචාර්ය විකටර් රත්නායකයන්ගේ /බොදු බැති ගීත අතුරින් /මෙම බැති ගීතය තමයි /මම වැඩිපුරම කැමති ගීතය. /සම්පුර්ණ තෙමඟුලම කියැවෙන /මෙම ගීතය ඇසීමෙන් /ඔබ සැමගේම සිත් පහන් වේවා…!

පද රචනය – පුන්‍යසිරි මහවත්ත

තනුව සහ සංගීතය – ආචාර්ය වික්ටර් රත්නායක

ගීතයේ මුල් ගායනය – ආචාර්ය වික්ටර් රත්නායක

අද ගායනා කරන්නේ වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම බැති ගී කණ්ඩායම

අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත උනා
අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා…..
Interlude
සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා…
Music
සැපෙහී කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමා සුව ලබා
දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවුවා
සියලු කෙලෙස් මැඩ බුදුවුවා
No Interlude
අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා…..
Interlude
ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ
Music
ජීවිතයේ ඇති නොනිමි අතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ
සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණා බර නෙත් නිවී ගියා
කරුණා බර නෙත් නිවී ගියා
No Interlude
අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා
ජය හඬින් ලොවට සිහනද පතුරා ලෝ සත අතරින් ජනිත උනා
අමා දහර දිය ගලා ගලා තුරු ලතා තුලින් මල් පියලි සලා…..

02 – දන්නෝ බුදුන්ගේ

නාඩගම්/නූර්ති සහ /නාට්‍ය කියන්නෙ /රංග වින්‍යාසය අනුව /වෙනස් වන මාධ්‍යයන් තුනක්./නාඩගම් නම් වූ /කලාංගයට පසුව /ඉන්දියානු ආභාසය ඇතිව/ ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වූ/ “නූර්ති” නම් කලාංගය /දෙබස්‌,/ අලංකාර ගීත, /රංගනයන් ආදියෙන් යුතු /සංගීතාත්මක නාට්‍ය විශේෂයක්./ බොහෝ නූර්ති නිර්මාණවලට /භාරතීය රාග ආශ්‍රිත සංගීතයන් හා /ගීත නිර්මාණ ඇතුළත් වුනා./

ඒවා ඉතාම රසවත්වූ නිසා /ශ්‍රී ලාංකික ප්‍රේක්‌ෂකයන් අතර /නුර්ති /අතිශය ජනප්‍රිය වුනා.

නාඩගම්වලදී /ස්‌ත්‍රී චරිත /පිරිමින් විසින්ම නිරූපණය කළා/ නමුත් නූර්ති නිර්මාණවලදී/ කාන්තාවන් /වේදිකාවට පිවිසි බවට /නූර්ති ඉතිහාසය /ගවේශනය කිරීමේදී පැහැදිලි වෙනවා./ නුර්ති ශිල්පීන් අතර /නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ට/ හිමි වන්නේ අද්විතීය ස්‌ථානයක්.

ඉන්දියානු ආභාසය ලැබූවන් /දේශීයත්වයක්‌ ඇතිව /ශ්‍රී ලාංකික ඓතිහාසික කතා/ පසුබිම් කොට ගනිමින් /ජෝන් ද සිල්වා ශූරීන් /නූර්ති නිර්මාණය කළා./ රාමායනය /ශ්‍රී වික්‍රම, /සිරිසඟබෝ,/ වෙස්‌සන්තර,/රත්නාවලී / සකුන්තලා /ආදි වශයෙන් /නූර්ති 42 ක්‌ පමණ /ඔහු නිර්මාණය කලා./ එයින් පළමුවැන්න/ රත්නාවලී යයි.

අපි දැන් /ජෝන්ද සිල්වා ශූරීන් රචිත /සිරිසඟබෝ නූර්ති යෙහි /බැති ගීතයට සවන් දෙමු.

සංගීතය /විශ්වනාත් ලව්ජී

පද රචනය‍ /ජෝන්ද සිල්වා ශූරීන්

ගීතයේ මුල් ගායනය/ W.A. පෙරේරා /W.A.අප්පුසිංඤො/ W.D.S. ජේමිස්

අද ගායනා කරන්නේ /වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම /බැති ගී කණ්ඩායම

දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා – පි
පේවී රකිති සොඳ ශීලේ නිබන්දා – පි
දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා – ගැ
පේවී රකිති සොඳ ශීලේ නිබන්දා – ගැ
No Interlude
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝසේ – All
ක්ලේශ නස්නා භික්ෂු ඇත්තේය බෝසේ – All
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ – ගැ
රහතුන් නිවසනා පායා ප්‍රකාශේ – All
No Interlude
භුලෝ මතේමේ දෙව්ලෝ පෑවා සේ – ගැ
පේනා මෙපුර මුනි ශාසන වාසේ – ගැ
සෘද්ධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ – පි
සෘද්ධියෙන් යන්නාවූ නෙක් රහතුන්ගේ – ගැ
සෙවනල්ලෙනි හිරු රශ්මිය භන්ගේ – ගැ
සෙවනල්ලෙනි හිරු රශ්මිය භන්ගේ – All
No Interlude
මානෙල් නෙලුම් හා ඕලු පුෂ්පාදී – ගැ
ඇත්තේ පොකුණු වල බෝ ජල පෑදී – ගැ
සේරූ පන්තී පන්තී පීනති බෝ සේ – පි
සේරූ පන්තී පන්තී පීනති බෝ සේ – All
අනුරාධ නගරය දැන් පෙනෙනාසේ – පි
අනුරාධ නගරය දැන් පෙනෙනාසේ – ගැ
අනුරාධ නගරය දැන් පෙනෙනාසේ – All
අනුරාධ නගරය දැන් පෙනෙනාසේ – All

03 – මෙත් මල් පිබිදේවා

1935 දෙසැම්බර් /11 වන දින උපත ලැබූ ඔහු /තමාටම ආවේණික /සෞම්‍ය හඬක් හිමි ගායකයෙක්./සංගීත මාස්ටර් ගවුස් සහ /ෂෙල්ටන් ප්‍රේමරත්න යටතේ /ලැබූ ගායන අධ්‍යාපනය /ඔහුට පසු කළක උපකාරි උනා. /ෂෙල්ටන් ප්‍රේමරත්නයන් නිර්මාණය කළ/ ඔන්න ඕලු මලක් ගීතය/ගායනා කිරීමත් සමඟ /1952 වසරේ/ ගීත ධාරා වැඩ සටහනේ /පළමු ස්ථානය දිනා ගත්තා./ ගායනයට අමතරව /චිත්‍රපටි රංගනයට පිවිසි ඔහු /පාරාවළලු, /ප්‍රවේසම් වෙන්න, /හිතුවක්කාරයෝ,/ ලස්සන කෙල්ල යන /චිත්‍රපටිවලට රංගනයෙන් ද දායක වුනා. /රුවන් අඹර,/ සෙව්වන්දි නිල් ජලාසේ,/ බලන්න ආසයි දුරයිනේ ඉන්නේ/ මෙත්මල් පිබිදේවා,/වැනි ගීත රාශියක් /ගී ලොවට තිළිණ කළ ඔහු /2013 අප්‍රේල් 26 වන දින /මෙලොවින් සමු ගත්තේ/ ඔහුගේ සෞම්‍ය ගී හඬ /රසිකයන්ගේ සිත්වල /ගිනි නිවීමට තරම් /මෙත් මල් රැසක් පුබුදුවමිනි.

ගීතයේ රචකයා ගැනත් යමක් කිවයුතුයි/පුවත් පත් කලාවේදියකු මෙන්ම /ජනකාන්ත ගීත රැසක් /අපට දායද කල ඔහු /වික්ටර් රත්නායක ගැයු /මෝහෙන් මුලා වෙලා /මොරිස් දහනායක ගායනා කල /මෙත්මල් පිපිදේවා /සුදො පොඩ්ඩක් අඩන්න /එච් ආර් ජෝතිපාල ගැයු /විෂ්ණු දෙවිදෝ /එච් ආර් ජෝතිපාල ඇන්ජලීන් සමග ගායනා කල /හොද සිරියාවයි ආකාසෙ,/දෝතින් දෝතයි,/හදවත මාගෙ තටු සලා /හරූන් සහ සුජතා ගායනා කල /ආනන්ද මේ රෑ /වැනි ගී ඉතා ජනප්‍රියයි.

අද /වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනම /බැති ගී කණ්ඩායම ගයන /මෙම ගීතයේ

මුල් ගායනය /මොරිස් දහනායක

පද රචනය‍ /සිරිල් ඒ සීලවිමල

මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා
Interlude
තන්හා ආශා වෛරේ ක්‍රෝධේ සංකා නැතිවේවා
තන්හා ආශා වෛරේ ක්‍රෝධේ සංකා නැතිවේවා
පාපේ ද්වේශේ මෝහේ මානේ මෙලොවින් දුරුවේවා
No Interlude
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා
Interlude
සමගිය සාමේ දෑ අනුරාගේ යුතුකම් රජවේවා
සමගිය සාමේ දෑ අනුරාගේ යුතුකම් රජවේවා
හොර බොරු වංචා බිය සැක දුරුවී සැමටම සෙත්වේවා
No Interlude
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා
මෙත් මල් පිබිදේවා සිත් තුල මෙත් මල් පිබිදේවා
කරුණා ගුණ දේවා සිත් තුල කරුණා ඉතිරේවා

04 – දුර පෙනෙන තැනිතලා

ඇය එදා ගායනා කළ /ගීත සමුදාය අදටද වලංගුයි. /ඇගේ ගීත කනට නොඇසෙන/ වෙසක් පොහෝ දිනයක්, /පොසොන් පොහෝ දිනයක් නොමැති තරම්ය./ ඒ තරමටම /ඇගේ හඬ / සරසවියගේ බැල්ම /දෝත දරා පැමිණියාක් වැනි/ බෞද්ධ ගීතාවලිය හා බැඳී පවතී. / ලාංකේය සංගීත කෙතේ /වැඩිම බොදු ගීත ලියැවුණේත් /සංගීතවත් වූයේත් /ඇගේ හඬ /ඊට මුසු කිරීමටයි./ 1930 වර්ෂයේ/ නොවැම්බර් 24 වනදා /පවුලේ එකම දරුවා /ලෙසින් උපත ලද ඈ/ බහ තෝරන කාලයේ පටන්ම /ගීත ගායනා කළේ /කලාකාමියකු වූ /සිය පියාගේ ආශාවටය./ සිය මාමා වූ /ජී.ආර්. එඩ්වඩ් ගේ /දෑතට වාරු වී /ඔහුත් සමඟ /ගුවන් විදුලියට /යුග ගීත ගායනා කරන්න යන විට /ඇයට /යන්තම් අවුරුදු 8 සම්පූර්ණ වූවා පමණි./ ඈ ගතින් වියපත් වුවත් /බොදු ගීත ගායනා කිරීමෙන්ම /ඇගේ ස්වරය /ජීවය ලබා ඇතිවාක් මෙන්/ ඇගේ ස්වරය තවමත් තුරුණුය. /ඇය අවුරුදු 72 ක් කැප කළේ/ සංගීත ජීවිතය වෙනුවෙනි./ ඇය කොතරම් ගීත සංඛ්‍යාවක් /ගයා ඇතිදැයි ගිණිය නොහැකි තරම්ය./

ගීතයේ තනු නිර්මාණය /සහ සංගීතය ගැනත් යමක් කිවයුතුයි.

සිංහල චිත්‍රපට සඳහා /උත්තර භාරතීය සංගීතය වෙනුවට /සිංහල සංගීතය යොදාගත් /මුල්ම සංගීතවේදීයා ලෙසත්/ ගොල්ෆේස් හෝටලයේ /සංගීතය සැපයූ මුල්ම සිංහල ජාතික /සංගීතවේදී යා ලෙසත් /සිංහල සංගීතයට/බර බාගේ බර බාගේ/බයිසිකලේ බයිසිකලේ /දුර පෙනෙන තැනිතලා/සිරිපාදේ සමනොල කන්ද පෙනේ/සෝබන සැන්දෑවේ/අම්බිලිමාමේ/ඕලු මලේ සුදෝ සුදෝ/කොවුලන් හඬයි/ ආදර නදිය ගලා/ශාන්ත මේ රෑ යාමේ/ වෙසක් කැකුළු/ සුදු සඳ එළියේ/ ආදී ජනප්‍රිය ගීත රැසකට /තනු නිර්මානය සහ /සංගීත නිර්මානය කල /ඔහුගේ ගීත එදා මෙන්ම /අදටද රැව් පිලිරැව් දෙනවා./මේ සුසංයෝගයෙන් බිහිවු /මෙම බොදු බැති ගීය ගයන්නට /නැවතත්/ වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනමේ /බැති ගී කණ්ඩායමට ආරාධනා කරමු./

ගීතයේ පද රචනය‍ /සරත් විමලවීර

තනු නිර්මාණය සහ සංගීතය /බී.එස්. පෙරේරා

ගීතයේ මුල් ගායනය /විවියන් ද සිල්වා බොරලැස්ස

දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා – All
පුන් පෝයදා දේ ශ්‍රියා සාදු කිය කියා – All
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා – All
පුන් පෝයදා දේ ශ්‍රියා සාදු කිය කියා – All
Interlude
ඈත කිරි පාට පේන සරුසාර සෑය ළෙලෙනවා

සෑය ළෙලෙනවා – ගැ
නැඟෙන රිදී සීනු හඬින් ගුවන හෙළි කලා – පි
නැඟෙන රිදී සීනු හඬින් ගුවන හෙළි කලා – පි
නැඟෙන රිදී සීනු හඬින් ගුවන හෙළි කලා – පි
ගුවන හෙළි කලා – All
No Interlude
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා – All
පුන් පෝයදා දේ ශ්‍රියා සාදු කිය කියා – All
Interlude
ජේතවනරාම අභයගිරි වෙහෙර සාදු කියකියා

කරමු වන්දනා – ගැ
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ – පි
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ – පි
යමුද අනේ ඉවුර දිගේ තිසා වැව වටේ – පි
තිසා වැව වටේ – All
No Interlude
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා – All
පුන් පෝයදා දේ ශ්‍රියා සාදු කිය කියා – All
දුර පෙනෙන තැනිතලා අනුරාධපුර දිහා – All
පුන් පෝයදා දේ ශ්‍රියා Pause – All
සාදු කිය කියා – All

05 – මල් සුගන්දේ

මෙම පොසොන් බැති ගී සරණියේ/අවසාන බැති ගීතය ඉදිරිපත් කිරීමට ප්‍රථම/ වෙරබි ශ්‍රි ලංකා සංස්කෘතික පදනමෙ /බැති ගී කණ්ඩායම හදුනාගනිමු.

නිරාශා බෝපේආරච්චි/කොකිලා වීරසිරි/වසන්තා කසකාර/අශිනි වෛද්‍යරත්න

මල්කාන්ති රත්නසේකර/සුදේශිනි කටුගම්පල/ෆීඩා ගුණතිලක/

තරෝශා බෝපේආරච්චි/මංජුලා වික්‍රමසිංහ

පසුපෙළ සිටින

දසුන් වෙත්තසිංහ/පබසර පලවෙනි/කෙනෙත් වීරසිරි/කමල් දසනායක/

ඔබ සියලු දෙනාටම ස්තුතියි.

මෙම ප්‍රසංගය /සාර්ථක කරගැනීමට /අපට දිරිදුන් /වෙරබි ශ්‍රි ලංකා සංස්කෘතික පදනමෙ /නිල මඩුල්ල සහ /සියලු සාමාජිකයන්ට /අපගෙ ස්තුතිය හිමි විය යුතුයි.

මේ අතර /තිරය පිටුපස හිදිමින් /විශාල මෙහෙයක් කල /චමින්ද ඩි සිල්වාට සහ අපගෙ වාද්‍ය වෘන්දයට /අප සැමගෙ භක්ති‍ය්‍යාධරය /හිමි විය යුතුයි.

අපි දැන් අපගෙ /අවසාන අංගයට යමු

1966 ජූනි මස තිරගත වූ /ඩග්ලස් කොතලාවල /නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කල/ කිංකිණි පාද චිත්‍රපටයේ /ඇතුළත් වූ ගීත සංඛ්‍යාව 05යි. /මේ ගීත අතරින්/බොදු බැතිමතුන්ගේ මතකයේ රැඳුණු /මේ බොදු බැති ගීය/ අනුබුදු සමිදු/ ලක් දීපයට වැඩෙම වීමෙන් /ලක්දන උරුම කී/ පොසොන් අසිරියෙන් /ලොවම පිබිදේවා/ සියළු සතන්හට /සෙත්වේවා යි කරන පැතුමයි.

පද රචනය‍ නිහාල් ජයසේන

තනු නිර්මාණය සහ සංගීතය /පී එල් සි සෝමපාල

ගීතයේ මුල් ගායනය /සුජාතා අත්තනායක සහ මොහිදීන් බෙග් ඇතුළු පිරිස

ගීතය ගයන්නට /නැවතත්/ වෙරබි ශ්‍රී ලංකා සංස්කෘතික පදනමේ /බැති ගී කණ්ඩායමට /ආරාධනා කරමින් /

ඔබෙන් සමුගන්නා මා / ඔබේ හිතවත්/සුමේධ රත්නසේකර.

මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා – ගැ
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා – All
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා – All
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා – All
Interlude
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි – පි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි – ගැ
මිහින්තලාවයි දහම් අමාවයි ශාන්ත අනුබුදු නාමයයි – පි
කාට කාටත් මේ කියන්නේ ශාසනේ ඉතිහාසයයි – ගැ
Interlude
රත්නමාලී සෑ රදුන් මේ දෙව් බඹුන් පූජා ලබයි – ගැ
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි – පි
රත්නමාලී සෑ රදුන් මේ දෙව් බඹුන් පූජා ලබයි – ගැ
මේ මහා ගල් මුල් කියන්නේ ඒ උතුම් අභිමානයයි – පි
No Interlude
මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා – All
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා – All
Interlude
රැල් නඟා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි – පි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි – ගැ
රැල් නඟා හෝ ගා ගලන්නේ ජාතියේ ජය පානයයි – පි
සිංහලේ විකුමන් කියන්නේ මේ පොළොන්නරු දේශයයි – ගැ
Interlude
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ – ගැ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ – පි
දාගැබයි මහ මේඝයයි නිල්වන් ගුවන් ගැබ යාවුණේ – ගැ
ගල් කුළින් සිත්තම් වුණාදෝ මෙත් සිහිල් කරුණා ගුණේ – පි

No Interlude

මල් සුගන්දේ දම් සුගන්දේ සිල් සුළං රැල් පාවෙලා – All
සම්බුදුන් සම්භාවනීයයි සාදු සාදු වන්දනා – All
Interlude
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ – පි
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ – ගැ
මහ රජුන් තුන් සිංහලේ මෙහෙමයි එදා දස්කම් කළේ – පි
මේ උතුම් දහමින් තමා ලේ මස් පවා විස්කම් කළේ – ගැ
No Interlude
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ – All
සිව් මහා දෙවිඳුන් රකීවි මේ අපේ බුදු ශාසනේ – All
ධීරවීරයි පූජනීයයි නෑ නිමක් ගුණ ගායනේ – All
සිව් මහා දෙවිඳුන් රකීවි මේ අපේ බුදු ශාසනේ – All
සිව් මහා දෙවිඳුන් රකීවි මේ අපේ බුදු ශාසනේ – All
සිව් මහා දෙවිඳුන් රකීවි මේ අපේ බුදු ශාසනේ – All